එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

February 17, 2026   09:43 pm

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ ශ්‍රී ලංකා සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගයට සහභාගීවීම සඳහා එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද (17) දින සවස 4.15ට ඉන්දියාවේ කල්කටා නුවර සිට ශ්‍රීලන්කන් සමාගමේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු 32 දෙනෙකු ගෙන් සමන් විත වේ.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය එළැඹෙන (22) පැවැත්වීමට නියමිතව තිබේ. 

මෙම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.