මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට
February 14, 2026 01:13 pm
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එම යත්‍රාව තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
අදාළ ඩිංගි යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය බවට සැකකරෙන උර දෙකක් තිබී හමුවී ඇති බව වාර්තා වෙයි.
එම බෝට්ටුව සහ සැකකරුවන් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් ඇතැයි නාවික හමුදාව පවසයි.
