විශේෂ සෝදිසි මෙහෙයුම් යටතේ  පුද්ගලයින් 29,367ක් පරීක්ෂාවට

විශේෂ සෝදිසි මෙහෙයුම් යටතේ පුද්ගලයින් 29,367ක් පරීක්ෂාවට

February 14, 2026   12:36 pm

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 585ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ (14) දිනයේදී පුද්ගලයින් 29,367ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් ප්‍රමාණය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 16ක් හඳුනාගත් බවත් විවෘත වරෙන්තුකරුවන් 142ක්ද අත්අඩංගුවට ගත් බවය.

එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 352ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 91ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,318කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.