රටම එකට මධ්‍යම පළාත් වැඩසටහන අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී
February 11, 2026 07:10 am
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) නුවරඑළියේදී පැවැත්වීමට නියමිත තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මලෛගම් ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන ඇති බවය.
සියලු පාර්ශව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මගින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම මෙහි අරමුණ බව සඳහන්ය.
විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62දෙනෙකු ඇගයිමට ලක් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිතව තිබේ.
