හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

February 9, 2026   08:41 am

හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයකු ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසය පැවසුවේය. 

40 හැවිරිදි සැකකරු නව කැලණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන් වේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.