PC ට තියුණු ආයුධයකින් පහරදුන්නැයි PC රිමාන්ඩ්
February 8, 2026 11:08 am
හැටන් බගවන්තලාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අනුව රිමාන්ඩ් භාරයට පත් කළ එම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇත.
පසුගියදා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අතර භට නිවස්නයේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් එක් කොස්තාපල්වරයෙකු තවත් අනෙක් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව සඳහන් වේ.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා උදරයේ බරපතල තුවාල සහිතව මේ වන විට නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
කෙසේ වෙතත් අදාළ සිද්ධියට සම්බන්ධ අනෙක් පොලිස් කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එහිදී සැකකරු එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
