2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද
February 8, 2026 08:55 am
2026, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගී වන පළමු තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවය.
මෙම තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය අතර ඊයේ (07) දිනයේ ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සිය අවසන් පුහුණු සැසිය සමග එක්විය.
