දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද සිව්වැනි දිනටත්

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද සිව්වැනි දිනටත්

February 8, 2026   07:49 am

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ සිව්වැනි දිනය අදට (08) යෙදී තිබේ.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගත් ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ පසුගිය 04 වැනිදා මෙරටට වැඩම කරවා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කරනු ලැබීය.

එම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවූයේ පසුගිය 5 වැනිදා සිටය.

ඉන්දියාවෙන් පිටතට පළමුවරට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කර ගැනීම සඳහා සැදැහැවතුන් රැසක් ඊයේ (07) දිනයේද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබුණි.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද ඊයේ දිනයේදී සර්වඥ ධාතූන් වන්දනා කර ගැනීම සඳහා පැමිණ සිටිනු දක්නට ලැබුණි.

එළැඹෙන 11 වැනිදා පෙරවරු 07 දක්වා පුරා පැය 24ක් සැදැවතුන්ට බුදුන්වහන්සේගේ ශාරීරක ධාතු වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව හිමිවේ.