T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

February 6, 2026   06:27 am

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි.

ඒ අනුව හෙට (7) සිට මාර්තු 8 දක්වා වූ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකය.

මෙම කාලසීමාව තුළ ඉහත ක්‍රීඩාංගණයන්හි පැවැත්වෙන තරග නැරඹීම සඳහා දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් එම තරග පැවැත්වෙන දිනයන්ට අදාළව මෙය ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය සැලසුම් කර ඇත.

අදාළ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය