අද උපරිම උෂ්ණත්වය මත්තලට

අද උපරිම උෂ්ණත්වය මත්තලට

February 3, 2026   07:32 pm

අද (03) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.4 ක් ලෙස මත්තල කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

 අද දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.