විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් පත් අලෙවිය හෙට සිට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් පත් අලෙවිය හෙට සිට

February 2, 2026   07:42 pm

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර හෙට (03) සිට අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

තෝරාගත් ස්ථානවල පිහිටා ප්‍රවේශ පත්‍ර කවුන්ටර විවෘත කිරීමට නියමිතය. 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව හෙට (03) සිට විවෘත කරනු ඇත.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන අවස්ථාවේ පමණක් ඔරුගොඩවත්ත  ප්‍රවේශ පත්‍ර කවුළුව විවෘත කෙරෙන බව සඳහන් වේ. 

ආර්. ප්‍රේමදාස සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල ඇති ප්‍රවේශ පත්‍ර කවුළු ද තරග නොපැවැත්වෙන දිනවලදී පමණක් විවෘත කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.  

නුවර - අභීත ක්‍රිඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වෙන දිනයේදී පමණක් ටිකට් පත්‍ර අලෙවි කිරීමට නියමිතය.

ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1000 සිට රුපියල් 10,000 දක්වා මිල ගණන් නියම කර ඇති අතර එ්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ලබා ගත හැක. 

ශ්‍රී ලංකාව සහභාගී වන තරග සඳහා එක් පුද්ගලයෙක්ට උපරිම ප්‍රවේශ පත්‍ර හතරක් පමණක් මිලදී ගත හැක. 

ශ්‍රී ලංකාව සහභාගී නොවන තරග සඳහා එක් අයෙකුට උපරිම ප්‍රවේශ පත්‍ර 10ක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කරයි.