එෂාන් මාලිංගගේ ආබාධය ගැන පැහැදිලි කිරීමක් 

එෂාන් මාලිංගගේ ආබාධය ගැන පැහැදිලි කිරීමක් 

February 2, 2026   05:46 pm

වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව ඔහු එංගලන්තය සමඟ පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ඔහු ක්‍රීඩා නොකරනු ඇත. 

දෙරට අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී එෂාන් මාලිංගගේ උරහිස ආබාධයකට ලක්විය. 

ඒ හේතුවෙන් ඔහු අද (02) දින කොළඹට පැමිණීමට නියමිත බවත් අනතුරුව ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ කිරීම සඳහා ස්කෑන් කිරීමට යොමුවීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.