වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගෙන් කථානායකට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් 

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගෙන් කථානායකට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් 

February 2, 2026   04:07 pm

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. 

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය.

මෙහිදී චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස් මහතා පවසා සිටියේ, මෙය රජයට එරෙහිව සිදුකරනු ලබන පැමිණිල්ලක් නොවන අතර, මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින තම සේවාදායකයා සමඟ පෞද්ගලික අමනාපයක් හේතුකොට ගෙන මෙම පැමිණිල්ල සිදුකරන බවය.

එමෙන්ම කථානායකවරයාගේ දුෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ බවද නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.