කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
February 2, 2026 02:13 pm
කැස්බෑ මස් කිලෝග්‍රෑම් දහතක් සහ බිත්තර තිස් නවයක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 26 සහ 32 යන වයස් කාණ්ඩවල පසුවන අය බව නාවික හමුදාව සඳහන් කරයි.
පසුගිය 31 වැනිදා මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන්, කැස්බෑ මස් සහ බිත්තර හා ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි වනජීවි කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
