ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයේ රථ වාහන සැලැස්ම

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයේ රථ වාහන සැලැස්ම

February 2, 2026   07:33 am

ඉන්දියාවේ සිට එළැඹෙන 04වනදා වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා 05වනදා උදෑසන 06.00 සිට 11වනදා පෙරවරු 07.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

එම කාල සීමාව තුල ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බව පොලීසිය දැනුම් දෙයි.

පැමිණෙන සියළුම මහජනතාව වෙත කිසිදු අවහිරතාවයකින් තොරව සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පහත සඳහන් උපදෙස් අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම ශ්‍රී සර්වඥ ධාතූ ප්‍රදර්ශනය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බැවින් පැමිණෙන බැතිමතුන්ගේ අරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක වැඩපිලිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.

දේශීය හා විදේශීය බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනය සඳහා පැමිනෙතැයි අපේක්ෂා කරන අතර ගැටකපන්නන්, සොරුන් වැනි අපරාධකරුවන් එම ප්‍රදේශය ආශ්‍රිතව ගැවසිය හැකි බැවින් තම මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු පුද්ගලික දේපළ සම්බන්ධයෙන් අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙසට දැනුම් දී ඇත.

ජංගම දුරකථන, ගමන් මළු, ජැකට් සහ විද්‍යුත් උපකරණ යන ආදිය සර්වඥ ධාතූ ප්‍රර්දර්ශන කුටිය තුලට රැගෙන නොයායුතුය.

 මෙහිදී ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම්, පරික්ෂා කිරීම් සඳහා අවශ්‍ය සහය සහ දායකත්වය ලබා දෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

රථවාහන ගමනාගමනයේදී නියමිත රථවාහන නීතියට ගරු කරමින් එයට අනුකූලව රථවාහන ධාවනය කිරීම හා අවශ්‍ය වන අවස්ථාවකදී පොලිස් නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කරන ලෙසට දැනුම් දී ඇත.

රථවාහන ගාල් කිරීමට නියමිත ස්ථාන හා රථගාල් වල පමණක් නැවැත්වීම හා නවතා තැබීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

විශේෂ ප්‍රවාහන පහසුකම් සේවාවක් සලසා දී ඇත.

ඒ අනුව පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල ( MOD PARK ) පෝර්ට් සිටි රථගාල ( PORT CITY ) සහ ෂැංග්‍රිලා හෝටලය ( SHANGRI-LA HOTEL) අසල රථගාල සිට ගංගාරාම විහාරස්ථානය දක්වා බැතිමතුන්ගේ ගමනාගමන පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් (SHUTTLE යෙදවීමට කටයුතු කරනු ලබයි.

මාර්ග වසා තබන ස්ථාන පහත පරිදි වේ.

ජේම්ස් පිරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ජිනරතන මාවතට (විහාරස්ථානය දෙසට) ඇතුල්වීම.

ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුල්වීම.

ජිනරතන මාවත, ලේක් ක්‍රසන්ට් (හුණුපිටිය පාර) හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුල්වීම.

පාර්ක් විදිය, ජිනරතන මාවත හන්දියෙන් ජිනරතන මාවතට (විහාරස්ථානය දෙසට) ඇතුල්වීම.

ස්ටෙපල් වීදිය, මුත්තයියා පාර හන්දියෙන් මුත්තයියා පාරට ඇතුල්වීම.

ජේම්ස් පිරිස් මාවත, මුත්තයියා පාර හන්දියෙන් මුත්තයියා පාරට ඇතුල්වීම.

බර වාහන ඇතුල්වීම සීමා කිරීම පහත පරිදි වේ.

උත්තරානන්ද මාවත ඔස්සේ පෙරහර මාවතට ඇතුල්වීම.

උත්තරානන්ද මාවත ඔස්සේ නවම් මාවතට ඇතුල්වීම.

කොම්පඤ්ඤ වීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල්වීම.

යුනියන් පෙදෙස ස්ටෙපල් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදියට ඇතුල්විම.

යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දියෙන් ඩෝසන් විදියට ඇතුල්විම.

ඉබ්බන්වල හන්දියෙන් හයිඩ් පාර්ක් කෝනර් වෙත ඇතුල්වීම.

ධර්මපාල මාවත හා පාර්ක් විදිය හන්දියෙන් පාර්ක් විදියට ඇතුල්වීම.

ධර්මපාල මාවත හුණුපිටිය හරස් පාර හන්දියෙන් හුණුපිටිය හරස් පාරට ඇතුල්වීම.

පිත්තල හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල්වීම.

රථවාහන නවතා තැබීමට නොහැකි ස්ථාන

නවම් මාවත
පෙරහර මාවත
රාමනායක මාවත
ජේම්ස් පීරිස් මාවත
ජිනරතන මාවත
මුත්තයියා පාර
අල්ටයාර් ඇවනිව්
ඩෝසන් වීදිය
යුනියන් පෙදෙස
හයිඩ් පාර්ක් කෝනර්
බේබෘක් පෙදෙස
පාක් වීදිය
ලේක් ක්‍රසන්ට්
හුණුපිටිය වැව පාර
ස්ටෙපල් වීඳිය
ධර්මපාල මාවත

ගාස්තු අය නොකරන රථගාල්

පෝර්ට් සිටි රථගාල

ෂැංගිලා හෝටලය අසල රථගාල

පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල

එෆ්.ආර්. සේනානායක මාවත රථගාල

ධනපාල මාවත, විහාරමහා දේවී උද්‍යාන පෙදෙසෙ රථගාල

ආනන්ද කුමාරස්වාමි මාවත ( ග්‍රීන් පාත්) රථගාල

පාසල් පාර රථ නැවතුම් ස්ථානය

වොක්ෂෝල් වීදිය රථගාල

කළම්බු සිටි සෙන්ටර් අසල පැරණි සතොස පිහිටි හිස් භූමිය.

ගාස්තු අය කරන රථගාල්

ගාමිණී වටරවුම අසල පුද්ගලික රථගාල

ලේක්හවුස් ඉදිරිපිට රථගාල

ඇක්සස් ටවර් ගොඩනැගිල්ලේ රථගාල

පැරණි මැනිං වෙළඳපොල භූමියේ රථගාල

චාමස් රථගාල

 මීට අදාළ මාර්ග සිතියමද පහත දැක්වේ.