දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරුවල හිඟයක්
February 1, 2026 05:33 pm
දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරු කිලෝවක මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති.
කිලෝවක් රු. 300-500ක් වැනි මිලකට අලෙවි වූ නමුත් මේ වනවිට අමුඉගුරු කිලෝවක් රු.1500ත්-2000ත් අතර අධික මිලකට අලෙවිවන බව එම ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
'දිට්වා' සුළි කුණාටුවෙන් අමුඉඟුරු වගාවන් විනාශ වූ නිසා මේ දිනවල දේශීය වෙළෙඳපොළේ අමුඉඟුරු හිඟයක් පවතින බව එම වෙළෙඳුන් පවසති.
