කෝටි 22ක කොකේන් සහ මත්පෙති සමග කාන්තාවක් අත්අඩංගුවට
January 29, 2026 05:04 pm
ගණේමුල්ල පොලිස් වසමේ බොල්ලතේ ප්රදේශයේදී කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (29) උදෑසන මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින්ය.
අදාළ සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොකේන් කිලෝග්රෑම් 04කට අධික ප්රමාණයක් සහ මත්පෙති 3450 කට ආසන්න ප්රමාණයක් සැකකාරිය සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුව ගත් සැකකාරිය බොල්ලතේ ප්රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
