බංග්ලාදේශය T20 කාන්තා ලෝක කුසලානයට

බංග්ලාදේශය T20 කාන්තා ලෝක කුසලානයට

January 28, 2026   09:44 pm

එළැඹෙන විස්සයි20 කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් නේපාලයේ පැවැත්වෙන තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලානයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට අද (28) අවස්ථාව උදාවිය.

ඒ සුපිරි 6 වටයේ තායිලන්තයට එරෙහිව පැවති තරගය ජයගැනීමත් සමගය. මුල්පානිහිදී පැවති මෙම තරගයෙන් ලකුණු 39ක විශිෂ්ට ජයක් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හිමිවිය. 

මූලික වටයේ සිට අපරාජිතව සිටින ඔවුන් ලැබූ 5වන ජයග්‍රහණය වන අතර, සුපිරි 6 වටයේ ක්‍රීඩාකළ තරග 3ම ජයගැනීමටත් ඔවුන් සමත්ව සිටියි.

එංගලන්තයේ සත්කාරකත්වය යටතේ එළැඹෙන ජුනි ජූලි මාසයන්හිදී පැවැත්වෙන මෙවර විස්සයි20 කාන්තා ලෝක කුසලානයට බංග්ලාදේශයට අමතරව නෙදර්ලන්තය ද මේ වනවිට සුදුසුකම් ලබා සිටියි.

මෙම ලෝක කුසලානයට ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බ.ඉ. කොදෙව්, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව දැනටමත් සිය ස්ථාන වෙන්කරගෙන ඇත.

ඒ අනුව මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තවත් කණ්ඩායම් 2කට ලෝක කුසලාන වරම් හිමිකරගැනීමට හැකියාව ඇත.