පසුගිය වසරේදී සයිබර් අපරාධකරුවන් 318 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

පසුගිය වසරේදී සයිබර් අපරාධකරුවන් 318 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

January 24, 2026   06:24 pm

පසුගිය 2025 වසරේදී සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්  මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය වසරේදී මෙම සයිබ අපරාධ 2,000කට අධික ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බවය.

මෙම සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ මෙරට තරුණ ප්‍රජාව, සහ වැඩිහිටි ප්‍රජාව වන බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අන්තර්ජාලයට මෑතකදී ප්‍රවේශවන පිරිස්ද මෙම අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇති බවත්ය.

ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා පැවසුවේ තමන්ගේ මුරපද සහ පෞද්ගලික තොරතුරු මෙවැනි පාර්ශ්වයන් වෙත ලබා දීමෙන් වැළකී සිටිය යුතු බවත්ය.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්  මහතා, 

"යම් කිසි කෙනෙකු ඔබ හා සම්බන්ධ වෙන්න පුළුවන් ඉතාම ප්‍රසිද්ධ නමක් ඇති චරිතයක් විදිහට, ප්‍රසිද්ධ ආයතනක නමකින් ඔබ හා සම්බන්ධ වෙලා ඔබගේ දුරකථන අංකය, ඔබගේ මුරපදයන් සහ ඔබගේ OTP අංකයන් සමග සම්බන්ධ වී ඔබගේ මුදල් ලක්ෂ ගණන් ඉවත් කරගන්නට පුළුවන්. ඒ වගේම ඔබ ලක්ෂපතියෙකු වීමට වරම් ඇත, ලක්ෂ ගණනක ලොතරැයියක් දිනා ඇත කියන පණිවුඩය සමගින් රැවටීමකට භාජනය කරලා තියෙනවා. එම ලක්ෂ ගණනක මුදල් ත්‍යාගය ගන්නට නම් ඔබ මේ ක්‍රමවේදය අනුගනමය කළ යුතුයි කියලා මගපෙන්වනවා. මොකක්ද අනුගමනය කළ යුතු ක්‍රමවේදය ? ඔබගේ OTP අංකය, ඔබගේ පුද්ගලික තොරතුරු, ඔබගේ බැංකු තොරතුරු.. මේවා අපි පුනපුනා කිව්වත් ඇතැම් අම්මලා, තාත්තලා සහ තරුණ කොටස් මේ වන විට මහන්සියෙන් හම්බකරලා තියෙන මුදල් අපරාධකරුවෙකුට, දූෂිතයෙකුට ලබා දෙන්න හැකියාව වෙලා තියෙනවා"