මෙරටින් නික්මයාමට නියමිත අමෙරිකානු තානාපති ජූලි චන්ග් ජනපති හමු වෙයි
January 13, 2026 09:13 am
මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදුකළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.
ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජූලි චන්ග් මහත්මිය සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් ව ඇත.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ඇගයීමට ලක් කළාය.
2022 පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස පත්ව මෙරටට පැමිණි ජූලි චන්ග් මහත්මියගේ සිව් වසරක ධූර කාලය තුළ, අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය ඇතුළු දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ද සළකුණු විය.
