ගංවතුර අවධානම් තත්ත්වය පහව ගොස් ඇති බවට දැනුම්දීමක්
January 11, 2026 08:38 pm
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය මගින් 2026.01.07 දිනයේ නිකුත් කරන ලද ගංවතුර සඳහා සූදානම් වීමේ පූර්ව දැනුම් දීම නිවේදනය මගින් සිදු කරන ලද ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බව දැනුම් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ) ඉංජි. එල්. එස්. සූරිය බණ්ඩාර මහතා මේ බව දැණුම් දී ඇත.
දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සහ ගංඟාවල ජල මට්ටම් වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන අතර, ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පුර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
පසුගිය 2026.01.07 වනදා නිකුත් කර තිබූ නිවේදනය පහතින්,

