ඉරානයේ විරෝධතා දරුණු අතට

ඉරානයේ විරෝධතා දරුණු අතට

January 10, 2026   06:08 pm

ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වීමත් සමග විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර හටගෙන ඇති ගැටුම් අතරතුර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් ටෙහෙරාන් අගනුවර රෝහල් පිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ටෙහෙරාන් නුවර සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින තත්ත්වය හමුවේ රෝහල් පද්ධතිය ද අර්බුදයට ලක්ව ඇති බවය. 

දින 13ක් පුරා ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් මේ වන විට විරෝධතාකරුවන් 50කට අධික පිරිසක් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 15දෙනෙකු මියගොස් තිබේ.

මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ තවත් පුද්ගලයින් 2300 ඉක්මවූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා අන්තර්ජාල සබදතා අත්හිටුවීමට ඉරාන රජය පියවර ගනු ලැබූ අතර ඉන් විරෝධතා තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත.