'රටම එකට' මෙහෙයුමෙන් සැකකරුවන් 861ක් අත්අඩංගුවට
January 10, 2026 05:27 pm
රටම එකට ජාතික මෙහෙයුම යටතේ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 861දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
දිවයින පුරා සිදු කළ වැටලීම් 876කදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
එහිදී සැකකරුවන් 11දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන ඇති අතර තවත් සැකකරුවන් 12දෙනෙකු පුනුරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය පැවසීය.
මේ අතර මෙම වැටලීම්වලදී හෙරොයින් ග්රෑම් 813ක් සහ අයිස් ග්රෑම් 459ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
