ශ්‍රීලනිපයට එරෙහි වූ පුංචි මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණයක්

ශ්‍රීලනිපයට එරෙහි වූ පුංචි මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණයක්

January 10, 2026   04:39 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරින් වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා පවසයි.  

අද (10) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නීත්‍යානුකූලව විනය පරීක්ෂණයක් පවත්වා පසුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා,

"මධ්‍යම කාරක සභාවේදි තීන්දුවක් ගත්තා වෙනත් පක්ෂවලට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විනයානුකූලව කටයුතු කරලා ඉවත් කරන්න. මොකද අපේ පක්ෂයෙන් තරග කරලා, අපේ පක්ෂයේ නීතිරීතිවලට පිටින් ගිහිල්ලා වැඩ කරනවානම් ඒ අයට එහෙම පක්ෂවලට ගිහිල්ලා වැඩ කරන්න බෑ. ඒ අය අනිවාර්යයෙන්ම අපේ පක්ෂයෙන් අයින් කරනවා."