ගැඹුරු පීඩන අවපාතය තවත් ළංවෙයි

ගැඹුරු පීඩන අවපාතය තවත් ළංවෙයි

January 9, 2026   08:31 pm

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) රාත්‍රී 7 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 110ක් පමණ ඊශාන දෙසින් පිහිටා ඇත.

එය හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ තිබේ.

ඒ අනුව හෙට දිනයේ දී උතුරු පළාතට විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වූ තද සුළං ඇති විය හැකිය.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයට හෙට දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති වේ.