ඉන්දියානු යුද හමුදාධිපතිගේ  මෙරට නිල සංචාරය සාර්ථකව අවසන්

ඉන්දියානු යුද හමුදාධිපතිගේ මෙරට නිල සංචාරය සාර්ථකව අවසන්

January 9, 2026   06:23 pm

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගුගේ ආරාධනයෙන් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු යුද හමුදාපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සිය නිල සංචාරය නිමා කර අද(09) දිවයිනෙන් පිටව ගොස් තිබේ.

එම සංචාරය අතරතුරදී, ජෙනරල් ද්විවේදි විසින් මෙරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟින් පුහුණු, වෘත්තීය හමුදා අධ්‍යාපනය සහ කලාපීය ආරක්‍ෂක ගැටළු පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

මෙහිදී ඉන්දියානු යුද්ධ හමුදාධිපති යුද හමුදාවේ ප්‍රධාන ආයතන කිහිපයකම සංචාරය නිර වූ අතර මෙරට යුද හමුදාවට නවීන කැබ්රථ විස්සක්, ගිලන් රථ හතරක් සහ පුහුණු සමාකෘති (‍simulator) කිහිපයක්ද ප්‍රදානය කරන ලදී.

එසේම, බුත්තල ශ්‍රී ලංකා යුද හමුදා යුද විද්‍යාලයේ ප්‍රයෝජනය සදහා අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ඉන්දියානු ආධාර යටතේ ඉදිකිරීම සඳහාද මෙහිදී මුල්ගල තබන ලදී.

මෙය ඉන්දු ශ්‍රී ලංකා හමුදා මිත්‍රත්වයේ තවත් එක් සංධිස්ථානයක් වන අතරම මෙරට යුද හමුදාපති සහ ඉන්දීය යුද හමුදාපති අතර පවතින දීර්ඝ කාලීන  මිතුදම තවත් තහවුරු වූ අවස්ථාවක් වශයෙන් සනිටුහන් වී ඇත.