බස් දෙකක් සහ ලොරි රථයක් ගැටී මාරක අනතුරක්

බස් දෙකක් සහ ලොරි රථයක් ගැටී මාරක අනතුරක්

January 9, 2026   05:31 pm

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, පල්පාත ප්‍රදේශයේදී අද (09) සවස 3.30ට පමණ බස්රථ දෙකක් ලොරි රථයක් ගැටී ලොරි රථයේ රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලොරි රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ බස්රථ දෙකෙහි ගමන් ගත මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇත.

නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වු ලොරියක් තිරිංග ක්‍රියාවිරහිත විම නිසා උතුවන්කන්ද පල්ලමේ ධාවනය වෙමින් තිබියදි ඉදිරිපසින් ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයේ පිටිපසින් වැදි ඇත.

ලංගම  බස් රථය ඉදිරියෙන් ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ වැදි අනතුරුව බෝක්කුවක වැදි නතර වී ඇති අතර පෞද්ගලික බස්රථය ඉදිරියට තල්ලු වී වෙලට පෙරළී ගොස් තිබුණි.

මෙහිදී පූඩළුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයේ සිටි මගීන් කිහිපදෙනකු මෙලෙස තුවාල ලබා තිබුණි.

එම බස් රථයේ රියදුරු මහතා මෙලෙස සිදුවීම විස්තර කළේය.

"මම බලනවා දඩාන් ගාලා වැදුණා. මේක යනවා ජෙට් එක වගේ උඩින්. සෙනඟ හිටියා 55 - 60ක් විතර. තුන් හතර දෙනෙකුට තුවාලයි. දැක්කේ නෑ ඉස්සරහා කෑගල්ල - මාවනැල්ල බස් එකක් ඇද්දා. මම ඒකට ස්ලෝ කරා. පිටිපස්සෙන් වැදුනා. තල්ලු කරන්ගියා ඔක්කෝම ජෙට් එක වගේ. හිතාගන්න බැරිවුණා."