ජනපති අල්ලා ගත්තාට සතුට සැමරූ රට වැසියන්

ජනපති අල්ලා ගත්තාට සතුට සැමරූ රට වැසියන්

January 4, 2026   08:16 pm

වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ අමෙරිකානු ග්‍රහණයට ලක්වීම සැලවීමත් සමඟ වෙනිසියුලාව තුළ මෙන්ම ඉන් පිටත වෙසෙන ඇතැම් වෙනිසියුලානු වැසියන් සතුට සැමරා තිබුණි.

නිකොලොස් මදුරෝ එරට ජනාධිපති ධුරයට පත්වූයේ 2013 වසරේදීය.

ඒ අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කළ හියුගෝ චාවේස්ගේ මරණයෙන් පසුවය.

පළමුවරට මදුරෝ බලයට පත් වීමෙන් පසුව මේ දක්වා කාලය තුළ ආර්ථික ගැටලු හේතුවෙන් වෙනිසියුලානු ජනගහනයෙන් 20%ක් පමණ එනම් ලක්ෂ 77කට අධික පිරිසක් වෙනත් රටවල් වෙත සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.

එසේ වුවද වෙනිසියුලාව යනු ස්වභාවික සම්පත් බහුල රටකි.

ලොව විශාලතම බොරතෙල් නිධිය හිමි රට වන්නේ ද වෙනිසියුලාවයි.

එම සංචිතයේ තෙල් බැරල් බිලියන 303ක පමණ පවතින බව සඳහන් වේ.

කෙසේ වෙතත් වෙනිසියුලාව වර්තමානයේදී දිනකට අපනයනය කරන බැරල් ප්‍රමාණය ලක්ෂ නවයක් තරම් අඩු ප්‍රමාණයක් වන අතර වෙනිසියුලාව බොරතෙල් අපනයනය අතින් රැඳී සිටින්නේ ලොව පස්වැනි ස්ථානයේය.

චීනය ඔවුන්ගේ ප්‍රධානතම තෙල් ගැනුම්කරුවා වෙති.

බොරතෙල් සහ ආශ්‍රිත නිෂ්පාදන වලට අමතරව වෙනිසියුලාව ස්වභාවික වායු, වානේ සහ ඇලුමිනියම් සංචිත වලින් ද සමන්විත සම්පත් බහුල රටකි.

දැන් අමෙරිකාව පවසන්නේ තමන් වෙනිසියුලාවේ තෙල් නිධි කළමනාකරණය කිරීමට අමෙරිකානු සමාගම් යෙදවීමටත් සූදානම් බවය.