මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද
December 28, 2025 11:43 am
මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) පැවැත් වේ.
එරට හමුදා පාලනය 2021 වසරේ කුමන්ත්රණයකින් පාලන බලය ලබාගැනීමෙන් පසු පවත්වනු ලබන පළමු මැතිවරණය මෙය වීම ද විශේෂත්වයකි.
අදියර තුනක් යටතේ පැවැත්වෙන ඡන්ද විමසීම ජනවාරි මස 25වනදා තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
මියන්මාරයේ බොහෝ ප්‍රධාන දේශපාලන පක්ෂ විසුරුවා දේශපාලන නායකයින් රැසක් සිරගත කර ඇති පසුබිමක මෙන්ම අඛණ්ඩ සිවිල් යුද්ධයක් පවතින තත්ත්වයක කැඳවා ඇති මෙම මැතිවරණයේ දී සමස්ත ඡන්දදායකයින්ගෙන් අඩක් පමණ ඡන්දය භාවිත නොකරනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වා දෙයි.
හමුදා පාලනයට ඇති විරෝධය හේතුවෙන් මැතිවරණය දිනෙන් දින කල් දමමින් සිටි මියන්මාර හමුදා පාලනය, සිය බලය නීත්‍යානුකූලව තහවුරු කරගැනීමේ අරමුණින් මෙලෙස මැතිවරණය පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද විචාරකයින් පවසයි.
