අමෙරිකාවේ කාලගුණය අයහපත් අතට- තිදෙනෙකු ජීවිතක්ෂයට
December 26, 2025 09:55 pm
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්වයන් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියාවේ දකුණු දිග ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින්ඩ් නිව්සම් පියවර ගෙන ඇත.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවාස ලක්ෂයකට පමණ විදුලිය ද විසන්ධි වී ඇති බව සඳහන් වේ.
