වී තොග සම්බන්ධයෙන් සභාපතිගෙන් අනාවරණයක්

වී තොග සම්බන්ධයෙන් සභාපතිගෙන් අනාවරණයක්

December 26, 2025   06:01 pm

පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබු වී තොග සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපති විසින් අනාවරණයක් සිදු කර තිබේ.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වී අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ පසුගිය කන්නයේ එකතු කර ගනු ලැබූ වී ලංකා සතොස වෙළෙඳ ජාලයටත් වෙනත් නම් කරන ලද වෙළෙඳ ජාලවලටත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවය.

මෙවැනි ක්‍රමයක් භාවිතා කරනු ලබන පළමු අවස්ථාව මෙය බව පවසන සභාපතිවරයා මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් විශේෂයෙන්ම මෙහිදී ලියාපදිංචි, වී මෝල් හිමියන්ද මෙයට සහභාගී කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රමයට සහභාගී වන ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් නාඩු සහල් පමණක් මෙම ක්‍රමය යටතේ ලබා ගන්නා බවද, මෙලෙස ලබා ගන්නා නාඩු වී  රුපියල් 125ක නිර්දේශ මුදලකට නිකුත් කරන බවද ඔහු පැවසීය.

ඒ සඳහා අයදුම්පත්‍ර ලබා ගැනීම ප්‍රාදේශිය කාර්යාල මගින් මෙන්ම සතොස ප්‍රධාන කාර්යාලයෙන් හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැකි බවද වී අලෙවි මණඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

ලියාපදිංචි වී මෝල් හිමියන්ට මේ සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය එළඹෙන ජනවාරි මස 05වනදා බවද ඔහු සඳහන් කරයි.