ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට
December 26, 2025 02:47 pm
වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ G0711 වන Urumqi-Yuli අධිවේගී මාර්ගය අද (26) විවෘත කර තිබේ.
එම අධිවේගී මාර්ගය කිලෝමීටර් 324.7ක දුරකින් යුක්ත වන අතර එය ද්වි-මාර්ග මංතීරු හතරේ අධිවේගී මාර්ග ප්‍රමිතියට අනුව ඉදිකර තිබීම විශේෂත්වයකි.
Urumqi-Yuli අධිවේගී මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ ගුවන් පාලම් 12ක්, උමග 17ක් සහ පාලම් හා බෝක්කු සිය ගණනක් පිහිටා ඇත.
ඒ අතර එහි ඇති, ‘Tianshan-Shengli’ උමග ව්‍යාපෘතිය ලොව දිගම අධිවේගී මාර්ග උමග සහ ලොව ගැඹුරුම අධිවේගී මාර්ග පතුල යන ලෝක වාර්තා දෙකක් පිහිටුවා තිබේ.
එම අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු Urumqi සිට Korla දක්වා ධාවන කාලය පැය 7 සිට පැය 3.5 දක්වා අඩු වන බව ද වාර්තා වේ.
