ගිනිඅවියක් සමග මෝටර් රථයක් අතහැර යෑමේ  සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

ගිනිඅවියක් සමග මෝටර් රථයක් අතහැර යෑමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

December 25, 2025   08:05 pm

රාගම පහලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් සහිත ගැබ් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

රාගම පහළවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක නවතා තිබූ මොටර් රථයක තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම පතොරම් සහිත ගැබ් දෙකක් පොලිසිය විසින් පසුගිය 23දා රාත්‍රියේ සොයාගෙන තිබුණි.

පොලිසිය පැවසුවේ අදාළ මොටර් රථය කාර්මික දෝශයකට ලක්ව එම ස්ථානයේ අත්හැරදමා ගොස් තිබූ අතර එම රථය පරීක්ෂා කිරීමේදී අදාළ ගිනිඅවිය හා උණ්ඩ සොයාගත් බවය.