හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි
December 25, 2025 12:07 pm
ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී තිබේ.
ඊයේ (24) අයවැය සම්මත කිරීම සඳහා නගර සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.
එහිදී අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට ඡන්ද 9ක්ද විපක්ෂට ඡන්ද 10ක්ද ලැබීම නිසා වැඩි ඡන්දයකින් තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්විය.
