අස්ගිරි - මල්වතු අනු නාහිමිවරු නත්තල වෙනුවෙන් කළ ඉල්ලීම
December 25, 2025 11:05 am
අද (25) දින උදාවූ නත්තල වෙනදාට වඩා වෙනස් ලෙස ආපදාවෙන් විපතට පත්වූවන්ට උපකාරයක් කරමින් සැමරිය යුතු බව මල්වතු - අස්ගිරි අනුනායක හිමිවරුන් පවසති.
අද දිනයේ සාද පවත්වමින් සතුටු වෙනවා සේම ආපදා ව්‍යසනයට මුහුණදුන් පිරිස වෙනුවෙන් උදව් උපකාර කරමින් අර්ථවත්ව නත්තල සැමරිය යුතු බවද මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියෝ අවධාරණය කළහ.
එළැඹෙන උත්සව සමය තුළ වෙනත් කාලවල මෙන් නොවී රටක් ලෙස මනුෂ්‍යයත්වයේ නාමයෙන් සියලුදෙනා එකාවන්ව ආපදාවට පත්වූ පිරිසට උපකාර කිරීමට ඉදිරිපත් විය යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද හිමියෝ පවසා සිටියහ.
