ඝාතනයකට අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඝාතනයකට අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

December 25, 2025   07:12 am

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.     

පසුගිය 22 වනදා අම්බලන්ගොඩ නගරයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහිදී ඊයේ (24) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ ලැඟුම්හලක සිටියදී අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු වයස අවුරුදු 36 ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.