නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

December 23, 2025   02:52 pm

නැගෙනහිර දුම්රිය මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට (24) දින නැවත ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ගමන් කරන මගීන් සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේන් පෙරවරු 6.00 සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන 7083 දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයට පැමිණීමෙන් පසුව පස්වරු 12.40ට මඩකලපුව දක්වා දුම්රිය අංක 6011 යන දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන මගීන් සඳහා මඩකලපුවෙන් පෙරවරු 5.00ට පිටත්වන දුම්රිය ගල්ඔයට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පිටත් කිරීමට සැලසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

එම දුම්රිය කාලසටහන් පහතින්,

Commencing Train Service Batticaloa Line by poornima