බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි
December 21, 2025 08:54 pm
ඊශ්‍රායල රජය සිය ජනාවාස පුළුල් කිරීමේ වැඩසටහන යටතේ බටහිර ඉවුරේ මේ වනවිට අල්ලාගෙන සිටින කොටසේ ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සමග එක්ව මෙම යෝජනාව රැගෙන ආ එරට අන්ත දක්ෂිණාංශිකයෙකු වන මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් පවසන්නේ, මෙම තීරණය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම අවහිර කිරීමක් බවය.
කෙසේ වෙතත් බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ. ඊශ්‍රායලයේ මෙම තීරණය සෞදි අරාබිය හෙළා දැක ඇත.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ, ඊශ්‍රායලය 'නිර්දය' ලෙස ජනාවාස ව්‍යාප්තිය ක්‍රියාත්මකකරන බවය.
මෙම තීරණයෙන් පලස්තීන ජනතාවට ඉඩම් ලබාගැනීමේ හැකියාව සීමා කරන බවත්, ස්වෛරී පලස්තීන රාජ්‍යයක ශක්‍යතාවයට තර්ජනයක් බවත් මහලේකම්වරයා පවසයි.
ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ නව ජනාවාස 22ක් මැයි මාසයේදී අනුමත කරන ලදී. එය දශක ගණනාවකට පසු විශාලතම ව්‍යාප්තිය වේ.
මෙම ජනාවාස ව්‍යාපෘතියට විරෝධී කණ්ඩායම් පෙන්වා දෙන්නේ, බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ජනාවාස 160ක පමණ පදිංචිකරුවන් 700,000ක් පමණ ජීවත්වන බවය.
එය අනාගත ස්වාධීන රාජ්‍යයක් සඳහා පලස්තීනුවන් සොයන භූමිය බව එම කණ්ඩායම් පවසයි.
