ආසියානු යොවුන් ශූරතාව වෙනුවෙන් ඉන්දියාවට ලකුණු 348ක ඉලක්කයක්

ආසියානු යොවුන් ශූරතාව වෙනුවෙන් ඉන්දියාවට ලකුණු 348ක ඉලක්කයක්

December 21, 2025   03:02 pm

වයස 19න් පහළ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 347/8ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ආසියානු යොවුන් ශූරයන් වෙනුවෙන් ඉන්දියාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිවිය.

පාකිස්තාන කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු සමීර් මින්හාස් ලකුණු 172ක් රැස්කළේය. 

පන්දු 113කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමෙහි හයේ පහර 9ක් හා හතරේ පහර 17ක් ඇතුළත් විය.