රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

December 19, 2025   06:16 pm

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබේ.

මෙම පරිපුරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ඒ අනුව අද (19) දින පෙ.ව10.00 සිට ප.ව 6.10 දක්වා ඒ සඳහා වූ විවාදය පැවැත්වීමෙන් අනතුරුව මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුමත විය.