සෝමාවතිය - සුංගාවිල මාර්ගය  තවදුරටත් වසා දැමෙයි

සෝමාවතිය - සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

December 19, 2025   03:46 pm

සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඊයේ දහවල් සිට මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හිටුවීමට පොලිසීය පියවර ගත්තේය.

කෙසේවෙතත් ඊයේ දිනට සාපේක්ෂව මෙම මාර්ගය තවදුරටත් ජලයෙන් යට වී ඇති අතර මේවනවිට සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් අඩි 03කට වැඩි ප්‍රමාණයක් යටවී ඇති බව පුලස්තිපුර පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඒ හේතුවෙන් සෝමාවතිය පුද බිම වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත.