ජනපති අද පාර්ලිමේන්තුවට

ජනපති අද පාර්ලිමේන්තුවට

December 19, 2025   02:41 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

ඒ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වීම සඳහා ය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඬාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අද සම්මත කරගැනීමට නියමිතව ඇත.

2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන මෙම පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.