සැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහර
December 16, 2025 12:31 pm
වාලච්චේන - වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබේ.
ඊයේ (15) උදෑසන මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
මරණකරු වයස අවුරුදු 46 ක් වූ වාලච්චේන වාහනේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා බිරිඳ අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම මත මරණකරු විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී, බිරිඳ විසින් පොරවකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
වයස අවුරුදු 42 ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චෙන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
