ආපදා මරණ 644ක් දක්වා ඉහළට
December 14, 2025 08:18 pm
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 644 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් 183 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවය.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් තුන්ලක්ෂ 85,093කට අයත් පුද්ගලයින් 13 ලක්ෂ 44,898 දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටියි.
