මියන්මාරයෙන් සහ භූතානයෙන් මූල්‍යමය පරිත්‍යාග

මියන්මාරයෙන් සහ භූතානයෙන් මූල්‍යමය පරිත්‍යාග

December 8, 2025   04:25 pm

මියන්මාර ජනරජයෙන් හදිසි සහනාධාර වශයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක පරිත්‍යාගයක් මියන්මාර තානාපති Marlar Than Htaik විසින් ශ්‍රී ලංකා රජය වෙත  අද (08)  භාර දී තිබුණි.

එමෙන්ම ඊයේ (07) දිනයේ දී ද මියන්මාරය විසින් මානුෂීය ආධාර තොගයක් ලබා දුන් අතර ලබා දෙන සහයෝගයේ කොටසක් ලෙස ලබා දීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 500ක් පිළිබඳව ද ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කෘතවේදය පළ කරන බව විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදාවෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් සඳහා සහායවීම පිණිස භූතාන රාජකීය රජයෙන් අමෙරිකානු ඩොලර් 200,000ක පරිත්‍යාගයක් ලබා දී තිබේ.

ඩකා හි නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ භූතාන රාජධානියේ තානාපති Karma Hamu Dorjee විසින් අද මෙම පරිත්‍යාග නිල වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ භූතානය පවත්වන සහයෝගීතාවය සහ සමීප හා මිත්‍රශීලී සබඳතා වෙනුවෙන් භූතාන ජනතාවට ද අමාත්‍ය විජිත හේරත් මහතා කෘතවේදය පළ කර තිබේ.