කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අඩංගු ටොන් 5ක ගබඩාවක් වටලයි
December 6, 2025 08:58 pm
විවිධ වර්ගයේ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ටොන් පහක ප්‍රමාණයක් ගබඩා කර තිබූ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ගබඩාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ආහාර ද්‍රව්‍ය එළැඹෙන උත්සව සමය තුළදී වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද තොරතුරක් මත ඊයේ (05) දිනයේදී මෙම වැටලීම සිදුකර ඇත.
මේ වන විට අදාළ ගබඩාවට මුද්‍රා තබා ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
