සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු කළමනාකරණය කිරීම සම්බන්ධව දැනුම්දීමක්
December 6, 2025 07:36 pm
ආපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු උපදෙස් මැයෙන් පසුගිය මස 18 වැනි දින නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කිරීම අවසන් කළ බවය.
ඒ අනුව රෝගී සත්කාරක සේවයට බාධාවන් සිදු නොන පරිදි සියළුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිවාඩු කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශය සියලු සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
