කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්
December 2, 2025 06:20 pm
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙන්නේ, ආපදා තත්ත්වයට පෙර දින රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, මහනුවර, හලාවත, පුත්තලම සහ ගනේවත්ත යන දුම්රිය ස්ථාන වෙත ධාවනය වූ දුම්රිය බලවේග කට්ටල 39ක් දුම්රිය මාර්ගවලට දැඩි හානි සිදු වීම හේතුවෙන් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.
ඒ හේතුවෙන් පවතින මගී ධාරිතාවට සරිලන පරිදි දුම්රිය ධාවනය කිරීම ඉතා අපහසු කාර්යයක් වී ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කර බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

