ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස්පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර

ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස්පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර

November 22, 2025   08:24 am

ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යාමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බවත්, ඒ හේතුවෙන් ගමනාගමන අපහසුතාව ඇතිව තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබේ. 

ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කිහිපයක් මේ වනවිට යොදවා ඇත.

මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්දෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසීය.