කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
November 20, 2025 06:12 pm
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
නිත්‍ය නායක චරිත් අසලංක අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඒ හේතුවෙන් දසුන් ශානක මෙම තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කරයි.
අද තරගයේ දී ජාත්‍යන්තර විස්සයි20 වරම් හිමිකරගැනීමට එශාන් මාලිංග සමත් විය.
එමෙන්ම එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ කුසල් ජනිත්, භානුක රාජපක්ෂ හා නුවන් තුෂාර ද මෙම තරගයට කැඳවා තිබේ.
තරගය රාවල්පින්ඩිහිදී ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.
